28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඇල්ලවල දිය ඇල්ල සංචාරකයින්ට තහනම් කෙරේ

ඇල්ලවල දිය ඇල්ල සංචාරකයින්ට තහනම් කෙරේ

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ල අද (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරකයන්ට තහනම් කලාපයක් කර තිබේ.

ඒ අනුව අද සිට ඇල්ලවල දිය ඇල්ලට ඇතුළුවීම හෝ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් වේ. මෙම තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව වැල්ලවාය පොලීසිය පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා තරුණයන් දෙදෙනකු මෙම ඇල්ලේ ගිලී මිය යාමත් සමඟය. පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේදී මියගොස් ඇත.

නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇල්ලවල දිය ඇල්ල නැවත සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය.