― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගේනවා

කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගේනවා

කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන විස්සක් බවට පත්කිරීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය බෝග විවිධාංගීකරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ් සඳහා රුපියල් මිලියන 2500 ක් වෙන් කරනවා. මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා. කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන විස්සක් බවට පත් කිරීම අපගේ අරමුණයි.”