26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන් සවිබල ගැන්වීමට නව නීති

කාන්තාවන් සවිබල ගැන්වීමට නව නීති

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නීති හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

“කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නීති හඳුන්වා දෙනවා. උතුරු නැගෙනහිර පළාත් වල අභ්‍යන්තර ගැටුම් නිමා වුුුවත් තවමත් නැවත පදිංචි නොකළ තැන් තිබෙනවා ඒ සඳහා මෙවර රුපියල් මිලියන දෙදාහක් වෙන් කරනවා. යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා. පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා. අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන දාහක් වෙන් කරනවා. පහල මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.”