දිස්ත්‍රික්ක 06ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඕපනායක, ගොඩකවෙල, කුරුවිට, ඉඹුල්පේ, වැලිගෙපොල, ඇලපාත, රත්නපුර, ඇහැලියගොඩ, කොලොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.
බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 යටතේ ද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මේ අතර දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14, 225ක් නාය යාමේ අධි අවදානමේ පවතින බව හඳුනාගෙන තිබේ.
නායයාම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් සඳහන් කළේ, නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර ඇති බවයි.
නායයෑමේ අවදානම් සහිත ස්ථානවලින් පුද්ගලයින් 50,000ක් පමණ ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර තිබේ.