29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකඳුරුවෙල ඇළකින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

කඳුරුවෙල ඇළකින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

කඳුරුවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම් සඳහා වෙන් කළ ඉඩම ආසන්නයේ වෙල් යායක කුණු ඇළක තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබෙනවා.

මෙම මළසිරුර ප්‍රදේශවාසීන් විසින් දැක පොලිසියට දැනුම්දී තිබෙනවා.

ඒ අනුවයි පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇත්තේ.
මෙම මියගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී ඊට දැඩි හානි ජලයෙන් සහ සතුන්ගෙන් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් මියගිය තැනැත්තා හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.