26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ කන්නයේ ගොයම වැස්සෙන් විනාශ වෙයි

මහ කන්නයේ ගොයම වැස්සෙන් විනාශ වෙයි

මේ වනවිට මහ වැසි ඇදහැලීම හේතුවෙන් මහ කන්නයේ වී ගොයම් විනාශ වී යෑමේ අවදානමක් මතුව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දින ගණනාවක සිට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් වව්නියාවේ මහ කන්නයේ වී ගොයම් පැළ බොහෝමයක් වැසි ජල පහරට හසුව කුණු වී ඇති බවයි.

මේ වනවිටත් වව්නියාවේ වැව් 02ක ධාරානිපාත වැසි හේතුවෙන් වැව් බැමි කැඩී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් පහත් බිම් ප්‍රදේශවලට ජලය ශීඝ්‍රයෙන් බැසයාම හේතුවෙන් ඒවා ඇතැම් ප්‍රදේශවලින් ජල පහරට හසු ව යට වී ඇති බවයි වාර්තා වන්නේ.

වැසි ජලය සහ වැව්වල වාන් ජලය ද එක් වීම නිසා මහ කන්නයේ කුඹුරු විශාල ප්‍රමාණයක් මේ වනවිට යට වී තිබෙනවා. වව්නියාව ගෝමර්සන්කුලම් ග්‍රාමසේවා වසමේ සින්න ගල්වීරන් කුලම වැව සහ සින්න කුලම් යන වැව්වල වැව් බැම්ම කැඩුණු අවස්ථාවේ දී යුද හමුදාව එක් ව වැලි කොට්ට යොදා තාවකාලික බැමි සකස් කර තිබුණ ද ඒවා කැඩී ගොස් ඇත්තේ වැසි ජල පහරට හසුවයි.

කෙසේවෙතත් වව්නියාව වාරිමාර්ග නිලධාරීන් පැවසුවේ වැසි තත්ත්වය පහව යන තෙක් වැව් බැම්ම සකස් කිරීමේ හැකියාවක් නොමැති බවයි. වර්ෂාපතනය අඩු වූ වහාම එය පිළිසකර කිරීමට පියවර ගන්නා බව ද වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර පැවසුවා.