― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහින්ද කියන්නේ මහා කැප්පෙටිපොල විරුවාට සම කළ හැකි අසමසම යුග පුරුෂයෙක්

මහින්ද කියන්නේ මහා කැප්පෙටිපොල විරුවාට සම කළ හැකි අසමසම යුග පුරුෂයෙක්

මහින්ද රාජපක්ෂ යනු මහා කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි අසමසම යුග පුරුෂයෙක්, විරුවෙක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්‍යකර්මයේ අනුශාසනාව සිදුකරමිනුයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.

යුද ජයග්‍රහණයෙන් පසුව පළ වූ පුවත්පත් සිරස්තල කිහිපයක මහින්ද රාජපක්ෂ ඇගයීමට ලක් කර තිබූ ආකාරය ද අනු නාහිමියන් මෙහිදී උපුටා දැක්වුවා.

මෙහිදී තවදුරටත් අනුශාසනාව සිදුකළ නාහිමියන් මෙලෙස අදහස් පළ කළා,

එදා කැප්පිටිපොල විරුවා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොතකා දිවිහිමියෙන් කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා එදා වසර තිහක් පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරගන්න ඒ වගේ කැපවීමෙන් කටයුතු කළා. 1948 වසරේ නිදහසින් පසු මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කළ දැවැන්තම මෙහෙවර යුද්ධය අවසන් කිරීම වශයෙන් අපිට දකින්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණවිරුවන් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට දිවි හිමියෙන් සහයෝගය දුන්නා. මේ යුග පුරුෂයා බිහි නොවන්නට අපේ රටේ ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒ නිදහස ලබාදීම අද වෙනකොට බොහෝ දෙනෙකුට අමතක වීම කණගාටුවට කරුණක්. නිදහස් නිවහල් රටක් බිහිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ කැපවීම අප කවදත් ගෞරවයෙන් සිහිකළ යුතුයි.