― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහෙට සිට අලුතින් 2519ක් හෙද සේවයට

හෙට සිට අලුතින් 2519ක් හෙද සේවයට

හෙට (17) දිනයේදී නවක හෙද හෙදියන් 2519 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීමට නියමිතය.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට (17) පෙරවරු 9.00 ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී 2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 දින ආරම්භ කළ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු නවක හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට නියමිතය.

ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පලාත් සභාව යටතේ පාලනය වන රෝහල් වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.