25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂ වීමකින් ගාල්ලේ සිසුන් පිරිසක් රෝහලට

ආහාර විෂ වීමකින් ගාල්ලේ සිසුන් පිරිසක් රෝහලට

පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව අද (17) පෙරවරුවේ මෙම පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පිරිස විසින් පාසලේදී පිළියෙල කරල ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් පසුව මෙම සංකූලතා මතුවී තිබෙනවා.

මෙම සිසුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.