28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් මර්දන එන්නත නොනවතින ගමනක

කොවිඩ් මර්දන එන්නත නොනවතින ගමනක

ඊශ්‍රායලය සිව්වැනි මාත්‍රාවටත් සූදානම් වෙයි

කොවිඩ් වයිරසයට මුහුණ දීමට එන්නත් නිපදවනු ලැබුවද, නිශ්චිත වශයෙන් පුද්ගලයකු එන්නත්කරණයට ලක් විය යුතු මාත්‍රා ප්‍රමාණය කොපමණදැයි ගැටලුවක් බවට පත් කරමින් ඊශ්‍රායලය කොවිඩ් මර්දන සිව්වැනි මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳ පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

එරට ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායිල්‘ වෙබ් අඩවිය සඳහන් කළේ සිව්වැනි එන්නත් මාත්‍රාව සඳහා සූදානම් වන ලෙස ඊශ්‍රායලයේ ජාතික කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ මහාචාර්ය සල්මාන් සර්කා එරට රජයෙන් ඉල්ලා සිටි බවය.

කොවිඩ් මර්දන පළමු හා දෙවැනි මාත්‍රාවෙන් නොනැවතී බූස්ටර් ලෙස හඳුන්වන තුන්වැනි මාත්‍රාවට අමතරව කොවිඩ් නව ප්‍රභේද වරින් වර ව්‍යාප්ත වන බැවින් සිව්වැනි මාත්‍රාවක් දිය යුතුව ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වයිරසයේ ඉහළ අවදානම් සහගත ඩෙල්ටා ප්‍රභේදය මෙන්ම තවත් විවිද ප්‍රභේද රැසක් ලොව පුරා විවිධ රටවලින් හඳුනාගෙන ඇති අතර, මහාචාර්යවරයා කියා සිටියේ මින් ඉදිරියට ලෝක ප්‍රජාවට ජීවත් වීමට සිදු වන්නේ වයිරස් රැලි අතරේ බවය. ඊශ්‍රායලය දැනටමත් කොවිඩ් සිවුවැනි රැල්ල අත් විඳිමින් සිටින අතර, නව වයිරස් ප්‍රභේද වරින් වර එවැනි විවිධ රැලි මතු කරනු ඇතැයි මහාචාර්යවරයා වැඩ දුරටත් පවසා තිබේ.

ඒ අනුව ඉදිරියේදී විවිධ කොවිඩ් ප්‍රභේද පැතිරෙනු ඇතැයි ද, වසරකට වරක් හෝ මාස 5-6කට වරක් පමණ ලෝක ප්‍රජාවට කුමක් හෝ කොවිඩ් මර්දන එන්නතක් විද ගැනීමට සිදු වනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කර ඇත.

කොවිඩ් මර්දන එන්නතේ තුන්වැනි මාත්‍රාව දීම නිල වශයෙන් ආරම්භ කළ පළමු රට වන්නේ ද ඊශ්‍රායලය. පසුගිය අගෝස්තු මාසයේ 1 වැනිදා ඊශ්‍රායලය පළමුවරට අවුරුදු 60න් ඉහළ සියලු වැඩිහිටියන්ට බූස්ටර් එන්නත දීමට කටයුතු කළේය.

අනතුරුව එය ක්‍රමයෙන් පහළ වයස් කාණ්ඩවල පසු වන අය සඳහා ද ලබාදීමට පියවර ගත්තේය. පසුගිය සතියේදී ඊශ්‍රායලයේ අවුරුදු 12න් ඉහළ දරු දැරියන්ට ද බූස්ටර් එන්නත දීම ආරම්භ කර ඇත.