28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවගා හානි ගොවීන්ට ඉන්ධන දීම ඇරඹේ

වගා හානි ගොවීන්ට ඉන්ධන දීම ඇරඹේ

යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා නොමිලේ ඩීසල් ලබාදීම අරඹා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව ගොවීන්ට හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබාදෙන බවයි.

ඉන්ධන ලබා ගැනීමට අදාළ වවුචර්පත් නිකුත් කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙම ඉන්ධන සහනාධාරය පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කලාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට හිමි වනු ඇති.

පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 6.9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී ඇති අතර ඉන් ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.