― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වූ අයෙක් බේරා ගැනේ

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වූ අයෙක් බේරා ගැනේ

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙක්ව බගවන්තලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බේරාගැනීමට හැකිව තිබෙනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය ඊයේ (19) පස්වරුවේ පිටාර ගැලීමත් සමඟ සැඩ පහරට හසුව එම පුද්ගලයා ගසාගෙන ගොස් තිබුණා.

මෙම පුද්ගලයා කෙසෙල්ගමුඔය හරහා ඉදිකර ඇති පාලමක් මතින් බගවන්තලාව, කිලානි වතුයායේ පිහිටි ඔහුගේ නිවසට යාමේ දී මෙලෙස සැඩ පහරට හසුව තිබෙනවා.

සැඩපහරට හසු වූ මෙම පුද්ගලයා ගසක අත්තක එල්ලී සිටියදී ඉන් මුදාගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.