25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ජල සම්පාදනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

මෙරට ජල සම්පාදනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබදව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

දේශගුණයට ඔරොත්තු දෙන, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසාර ජල සැපයුම් පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල මෙහෙයුම්වල පාලනය, තිරසාර බව, කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව, සහ ධාරිතාව සඳහා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම යන කරුණු මූලික කර ගනිමින් අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.