― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපස් කන්දකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පස් කන්දකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පේරාදෙණිය බස් නැවතුම්පොළ අසල පස් කන්දක් කඩා වැටීමෙන් වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී කොළඹ බස් නැවතුම අසල තිබූ පස් කන්දෙහි කොටසක් පැවති අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක්ව තිබුණා. ඉන් අසළ තිබූ වෙළඳසැල් 4ක් පමණ පස් කන්දට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ස්ථානය අසළ කාමරයක් තුළ නවාතැන් ගෙන සිටි පේරාදෙණිය ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පස් කන්ද කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටි එම පුද්ගලයා සොයා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් මෙහෙයුමක් සිදු කෙරුණා.

ඒ අනුවයි අද අලුයම අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ.

මෙම පස් කන්ද කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධාවක් සිදුවී නැහැ.