ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා. ඒ අද පැවැත්වෙන අයවැය විවාදයට එක්වීම සඳහායි.
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වූ අතර එය ලබන දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ඒ අනුව අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම 13 වනදා පස්වරු 6ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අයවැය දෙවනර වර කියවීමේ ඊයේ පස්වරුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.