― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසනත් නිශාන්ත කණගාටුව පළ කරයි

සනත් නිශාන්ත කණගාටුව පළ කරයි

මන්ත්‍රී සනත් නිශාන්ත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය ඊයේ දිනයේදී නිකුත් කර ඇත්තේ කතානායකවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ලිපිනයටයි.

නොවැම්බර් මස 21 වැනිදා තමාට පනවනු ලැබූ පාර්ලිමේන්තු තහනම පිළිබඳව මන්ත්‍රීවරයා මෙම ලිපිය මගින් කරුණු හෙළි කර තිබෙනවා.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 21 වැනිදා මන්ත්‍රී සනත් නිශාන්ත සිය හැසිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ එය සිදු නොවිය යුත්තක් බවයි.

නමුත් එවැනි තත්ත්වයකට පත්වීමට සිදු වූ හේතූන් ද මන්ත්‍රීවරයා විසින් මෙම ලිපිය නිකුත් කරනු ලැබීමත් සමග කතානායකවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රධාන කරුණු 03ක් සහ විස්තරාර්තමක කරුණු 03ක් යටතේ අදහස් දක්වමින් සනත් නිශාන්ත පවසන්නේ තමන්ගේ පිටට පමණක් මෙම වරද පනවා දඬුවම් කිරීම සිය වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි.

එබැවින් එම සිදුවීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙන් ම මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ද හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසටයි මන්ත්‍රී සනත් නිශාන්ත කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.