― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රතිජීවක ඖෂධ භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රතිජීවක ඖෂධ භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා මිය යා හැකි බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

නොවැම්බර් 18 සිට 24 දක්වා පැවැත්වෙන ‘ලෝක ප්‍රතිජීවක දැනුවත් කිරීමේ සතිය’ පිළිබඳව අදහස් දක්වමිනුයි වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.

වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් ශරීරය තුළ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණය විය හැකි බව ලොව ප්‍රතිජීවක විශේෂඥයින් විසින් කළ පර්යේෂණ මඟින් සොයාගෙන ඇති බවයි වෛද්‍යවරයා එහිදී කියා සිටියේ.

ඒ හේතුවෙන් සමාජය පුරා පැතිර යන රෝගවලින් වසර 50කින් පමණ සියලු දෙනාම මරණයට පත් විය හැකි බවත් ප‍්‍රතිජීවක ඖෂධ මඟින් බැක්ටීරියාවන් දුර්වල කර විනාශ කරන අතර අධික වුවහොත් හිතකර බැක්ටීරියා ද විනාශ වන බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ අවශ්‍ය අවස්ථාවලදී හැර අනවශ්‍ය ලෙස දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන ලෙසයි.