― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොණ්ඩෙ කපන් එන්න කිවුවැයි ශිෂ්‍ය නායකයාට පහර දීලා

කොණ්ඩෙ කපන් එන්න කිවුවැයි ශිෂ්‍ය නායකයාට පහර දීලා

පාසල් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොල්පිතිගම සහ කුඹුක්ගැටේ පොලිස් ස්ථාන පවසනවා.

මෙම පහරදීම් ඊයේ දිනයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමේ සිද්ධියේදී තුවාල ලබා ඇති පොන්නිලව මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.ඩී.තාරුක ඩිල්ෂාන් ප්‍රියංකර 19 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇති ශිෂ්‍යා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරන බවත්, එම පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොණ්ඩය කපා පාසලට පැමිණෙන ලෙස ඊයේ පෙරවරුවේ උපදෙස් ලබා දී ඇති බවත් හෙළිව තිබෙනවා.

එදිනම සවස 7.45ට පමණ තමන්ට පොන්නිලව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල දී පුද්ගලයින් දෙදෙනෙකු පහර දුන් බවත් එසේ පහර දුන්නේ තමන් පෙරවරුවේ කොණ්ඩය කපා පැමිණෙන ලෙස අවවාද කළ සිසුවාගේ පියා සහ ඥාතියෙකු බවට හඳුනාගත් බව ද පහර කෑමට ලක් වූ සිසුවා පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මේ අතර ඊයේ දහවල් කාලයේ දී කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය තුළදී එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අතින් පයින් පහරදීමක් සිදු කර තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ එච්.එම්.ආර්.එම්.බණ්ඩාර නම් සිසුවා යි.
එම සිසුවා තලාකොළවැව – ඇලගමුව පදිංචිකරුවෙක්. පහර කෑමට ලක් ව ඇති සිසුවා 1990 ගිලන් රථයකින් පොල්පිතිගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර; පසුව එම සිසුවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇති නමුත් තමන්ට මෙතෙක් කිසිවෙකුගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව කුඹුක්ගැටේ පොලිසිය ප්‍රකාශ කළා.