― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalපොල්තෙල් හිඟයකුත් අත ළඟ

පොල්තෙල් හිඟයකුත් අත ළඟ

ඉන්ධන හිඟයෙන් ජනතාව බැට කන කාල වකවානුවක රට තුළ පොල්තෙල් හිඟයක් මවාපාමින් මිල ඉහළ දැමීමේ වෑයමක් පවතී.

එළැඹෙන උත්සව සමයේදී පොල්තෙල් හිඟයක් රට තුළ මවාපාමින් ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමට ඇතැමුන් කූට උපක්‍රම යොදමින් සිටින බවත් කෙසේ නමුත් රට තුළ පොල්තෙල් හිඟයක් නොමැති බවත් දේශීය කර්මාන්තකරුවන් රටට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කොට බෙදාහරින බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය අවධාරණය කළේය.

විදේශීය රටවලින් ගෙන්වා මෙහිදී පිරිපහදු කරන පොල්තෙල් කිලෝවක තොග මිල රුපියල් හයසිය අසූවත් හත්සීයත් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර ඉල්ලුමට සරිලන පරිදි පොල්තෙල් ලබානොදීම නිසා රටපුරා පොල්තෙල් හිඟයක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවත් වෙළෙඳ ව්‍යාපාරිකයින් චෝදනා කරති.

මේ වනවිට වෙළෙඳපොළ තුළ පොල්තෙල් ලීටරයක් රුපියල් 660ත් 700ත් අතර මිලකට අලෙවි වන බවත් මීට පෙර පොල්තෙල් ලීටරයක් රුපියල් 600ත් 550ත් අතර මිලකට අලෙවි වූ බවත් වෙළෙන්‍ඳන් පෙන්වා දෙති.