― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය යොවුන් ක්‍රීඩිකාව අවසන් අටට

බ්‍රිතාන්‍ය යොවුන් ක්‍රීඩිකාව අවසන් අටට

අමෙරිකාවේ ශෙබ්ලි රොජර්ස් ලකුණු 6-2ක් සහ 6-1ක් ලෙස පරාජය කරමින් අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බ්‍රිතාන්‍යයේ 18 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා එමා රඩුකනූ සමත් වූවාය.

මෙවර අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාවලියේ ආරම්භයේ සිටම කාගෙත් අවධානය දිනා ගත් මේ රූමත් යොවුන් ක්‍රීඩිකාව හඹා යන්නේ වසර 44කට පසු ග්රෑන්ඩ් ස්ලෑම් කාන්තා ටෙනිස් කිරුළක් දිනා ගන්නා පළමු ක්‍රීඩිකාවගේ වාර්තාවය. වසර 1977 විම්බල්ඩන් ටෙනිස් කුසලානය දිනූ වර්ජිනියා වේඩ්ගෙන් පසු මෙතෙක් ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලානයක් දිනා ගැනීමට කිසිදු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක් සමත් වී නැත.

පසුගියදා පැවති විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියට එක් වෙමින් ග්රෑන්ඩ් ස්ලෑම් තරග බිමට අවතීර්ණ වූ එමා එහිදී සිව්වැනි වටය දක්වා පැමිණීමට සමත් වූ අතර, මෙවර අමෙරිකාවේදී සිය සිහිනය සැබෑ කර ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන්නීය.