― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩයනාගේ පෙත්සමට සජිත්ගෙන් මූලික විරෝධතා

ඩයනාගේ පෙත්සමට සජිත්ගෙන් මූලික විරෝධතා

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළා.

මෙම පෙත්සම අද ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ විනය කමිටුවේ සාමාජිකයින් නම් කර නොමැති බව පෙන්වා දුන්නා.

විනය කමිටුවේ සාමාජිකයින් මෙම නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම බරපතළ දෝෂයක් බවත් සඳහන් කළා.

එම කරුණ මත මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියා.

කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නඩු විභාගය අවසානයේ දී සැලකිල්ලට භාජනය කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළ අතර ඉන්පසුව පෙත්සම්කාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 05 වනදා තෙක් කල් තැබුණා.