― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදංඕවිට රබර් කර්මාන්තශාලාවක ගින්නක්

දංඕවිට රබර් කර්මාන්තශාලාවක ගින්නක්

දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඊයේ (27) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

රාත්‍රී 9.30ට පමණ මෙම ගින්න හටහෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න නිවීම සඳහා ගම්පහ සහ කොළඹ මහ නගර සභාවල ගිනි නිවීමේ ඒකක පැමිණ සිටි බවයි වාර්තා වුණේ. ඊට අමතරව වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවීමේ ඒකකය ද මෙම ගින්න නිවීම සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්න නිවා දැමීමට තවමත් හැකි වී නොමැති අතර මේ වනවිට ගින්න පැතිර යාම පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර පොලීසිය සැකපළ කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි.

මේ අතර මෙම රබර් කර්මාන්ත ශාලාවේ කොටසක් මීට මාස 04කට පෙර ද ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.