රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් රටේ පුද්ගලික ණය බර ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
2020 සහ 2023 අතර කාල වකවානුවේදී රුපියල සියයට 45කින් අවප්‍රමාණය වී තිබෙනවා.
පුද්ගලික ණය බර සියයට 90 කින් ඉහළ යාමට මෙය දායක වී ඇති බවයි ඔහු පැවසුවේ.