― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපත් පාලන කොපු ලබා ගන්න යන්ත්‍ර දැන් ලංකාවේත්

උපත් පාලන කොපු ලබා ගන්න යන්ත්‍ර දැන් ලංකාවේත්

ජනතාවට යන එන අතරමගදී උපත් පාලන කොපු ලබාගත හැකි වන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ කියා සිටියේ HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවයි.

2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසළ සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල මෙම Condom Vending Machine සවිකිරීම ආරම්භ කර තිබූ අතර පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල විය.

කෙසේනමුත් ඒඩ්ස් වැළැක්වීමේ නව පියවරක් ලෙස එම ව්‍යාපෘතිය යළි ඇරඹීමටයි තීරණය කර ඇත්තේ.

මේ වනවිට සායනවලට පැමිණෙන පුද්ගලයින්ට උපත් පාලන කොපු නොමිලේ ලබාදීම සිදුකරනු ලබන බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වසරේ මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලයේදී උපත් පාලන කොපු හිඟයක් තිබී ඇති අතර පසුගිය සතියේදී උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.