― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමත්කරල් 2,500ක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මත්කරල් 2,500ක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මත්කරල් 2,500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) වාලච්චේන, පොලිස් වසමේ බිරන්දරච්චේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මත්කරල් 2,500 ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි අරසඩි, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.