― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලංගම වංචා දූෂණ ගැන විශේෂ විමර්ශනයක්

ලංගම වංචා දූෂණ ගැන විශේෂ විමර්ශනයක්

ලංගම ආයතනයේ පැවැති වංචා දූෂණ පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂවරයාව පත් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගත් නවක රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

සෑම අවස්ථාවකම ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය ලබාගන්නේ රටේ සුවහසක් පොදු ජනතාවයි. රටේ අනාගත පරපුර වන පාසැල් සිසු සිසුවියන්. එම නිසා මේ ගෞරවාන්විත වගකීම සුරක්ෂිතව ඉටුකිරීම සියලු දෙනා වෙත පැවරෙනවා. එළැඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් තිබෙනවා. අනාගත දියුණු ලංකා ගමනා ගමන මණ්ඩලය ඒ තැනට රැගෙන යන්නට නවක පත්වීම් ලබන සියලු දෙනා ද අධිෂ්ඨාන කරගත යුතුයි.”