27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ දියතලාව අතර කොටසේ දුම්රිය මාර්ගයට අද (01) අලුයම ගල් සහ පස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (30) රාත්‍රියේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය ද මාර්ගය අවහිර වීම හේතුවෙන් මේ වනවිට එම ස්ථානයේ නතර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට දුම්රිය සේවකයින් මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත්කිරීමේ කටයුතුවල නිරත වන බවයි වාර්තා වුණේ.