23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

කථානායකය මහින්ද යාපා අබේවර්ධන විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පසුගියදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කළේය.

නොවැම්බර් 29 වැන්දා සිට මාස 03ක කාලයක් සඳහායි අදාළ පත්කිරීම සිදුකර ඇත්තේ.