― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමාතර අධිකරණයේ නඩු භාණ්ඩ සොරාගත් 05ක් අල්ලයි

මාතර අධිකරණයේ නඩු භාණ්ඩ සොරාගත් 05ක් අල්ලයි

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙක් ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 12 වනදා අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ල මත විමර්ශන ඇරඹු පොලිස් නිලධාරීන් පසුගිය නොවැම්බර් මස 26 වනදා සහ 28 වනදා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා 21 සහ 29 යන වයස්වල පසුවන නාවිමන සහ කැකනදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී එම අධිකරණයේ සේවයේ නිරත තවත් පුද්ගලයෙකුද මෙම සිදුවීමට සම්බන්ධව ඇති බව අනාවරණය වී ඇති අතර තුඩාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා ද පසුගිය 02 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ඨ්-56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොරකම් කර ඇති අතර එහිදී රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය රුපියල් 280,000ක මුදලකට තවත් පුද්ගලයෙකු හා සම්බන්ධ වී අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය අලෙවි කිරීමට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා ද පොලීසිය විසින් පසුගිය 02 වනදාම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 37 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ රිවෝල්වරය මිලදී ගත් 32 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මේ අතර සැකකරුවන් විසින් සොරකම් කර ඇති ඨ්- 56 වර්ගයේ ගිනි අවිය පසුගිය අගෝස්තු මස 08 වන දින දික්වැල්ල පොලිස් වසමේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා භාවිත කරන ලද ගිනි අවිය බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම අවිය ද සැකකරුවන් විසින් රුපියල් 250,000ක මුදලකට අලෙවි කර ඇති අතර, එය මිලදීගත් පුද්ගලයා සොයා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අධිකරණයේ සේවයේ නිරතව සිටි බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා ඊයේ (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබුණා.

ආධාර අනුබල දුන් සැකකරු සහ රිවෝල්වරය මිල දී ගත් සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.