― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදෘශ්‍යාබාධිත පුද්ගලයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්

දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක පැවසුවේ.

ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවත් ආබාධිත ප්‍රජාවට හැඳුනුම්පතක් ලබා දීමට පියවර ගන්නා බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.