30 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජ'පුර කළමනාකරණ පීඨය යළි විවෘත කෙරේ

ජ’පුර කළමනාකරණ පීඨය යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය අද (04) යළි විවෘත කර තිබේ.

පසුගිය මස 20 වැනිදා කළමනාකරණ පීඨයේ පීඨාධිපතිවරයාගේ නිල කාර්යාලය ඉදිරිපිට ශිෂ්‍යයින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඒ හේතුවෙනුයි එම පීඨය තාවකාලිකව වසා දැමුණේ.

නවක වදය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් මුල් කර ගෙන සිසුන් 6 දෙනෙකුගේ පංති තහනම් කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබූ අතර ඊට විරෝධය පළ කරමිනුයි ශිෂ්‍යයින් මෙම විරෝධතාවයේ නිරත වූයේ.