― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅධිවේගයේ ගමන් යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

අධිවේගයේ ගමන් යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.

රථවාහන පොලීසිය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ඉඩ පරතරයක් තබාගෙන රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අඳුරු ආලෝකයක් පවතින බැවින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථ රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.