21.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටිරාන් අලස්ගේ පුත්‍රයාට පොලීසියෙන් දඩයක්

ටිරාන් අලස්ගේ පුත්‍රයාට පොලීසියෙන් දඩයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ පුත්‍රයාට රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කර තිබෙනවා.

අමාත්‍යවරයාගේ පුත්‍රයා මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේදී සුදු ඉර කැපීම හේතුවෙනුයි එලෙස රථවාහන දඩයකට ලක්ව ඇත්තේ.

කෙසේනමුත් එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර ඔහුට දඩ කොළයක් ලබාදීමට රථවාහන පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොළය ගෙවීමට ආසන්නතම තැපැල් කාර්යාලය කුමක් දැයි එතැන සිටි පොලිස් නිලධාරීඉන්ගෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තමා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව ඔහු පවසා තිබෙනවා.

අදාල ‍දඩ මුදල අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් ගෙවා දැමීමෙන් පසුව ඔහුට රිසිට්පත හා රියදුරු බලපත්‍රය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.