― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අඩු වී තිබෙනවා.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ඉල්ලුම අඩුවීම මීට ප්‍රධාන හේතුව වීඉ තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මෙය 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 14.6%ක අඩුවීමක් බවයි.

ඒ අනුව 2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩු වී ඇති අතර එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.