― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකැලණි සරසවියේ ශිෂ්‍යයින් 04කට පන්ති තහනමක්

කැලණි සරසවියේ ශිෂ්‍යයින් 04කට පන්ති තහනමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයින් 4 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහරදීමට අදාළ සිදුවීමට සම්බන්ධ සිසුන් පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් අභයන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ (04) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ තාක්ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමුණා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙනගොස් රඳවා ගැනීම ඇතුළු සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසා දමා තිබෙනවා.