27.2 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසහෝදරියට විසි කැත්තකින් පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

සහෝදරියට විසි කැත්තකින් පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

තම සහෝදරියට විසි කැත්තකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් පල්ලම පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ පොලීසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.

පොලීසිය පැවසුවේ ඔහු පල්ලම, තිඹිරිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පවුල් ආරවුලක් මත ඇති වූ කථාබහක් දුර දිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් නිලධාරියා අද (05) දිනයේ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.