― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසහෝදරියට විසි කැත්තකින් පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

සහෝදරියට විසි කැත්තකින් පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

තම සහෝදරියට විසි කැත්තකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් පල්ලම පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ පොලීසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.

පොලීසිය පැවසුවේ ඔහු පල්ලම, තිඹිරිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පවුල් ආරවුලක් මත ඇති වූ කථාබහක් දුර දිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් නිලධාරියා අද (05) දිනයේ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.