23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාරම්මල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ. නාරම්මල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ එම අංශයේම සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේයි මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ.

පසුගිය නොවැම්බර් මස 30 වනදා නාරම්මල – මීගමුව පාරේ පිහිටි ව්‍යාපාරික ආයතනයක් බිඳ එහි තිබූ දේපළ සොරකම් කර ඇති බවට වන පැමිණිල්ලක් නාරම්මල පොලීසියට ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදුනොකිරීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමටයි පොලිස් අධිකාරීවරයා මෙලෙස කටයුතු කර ඇත්තේ.