― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනාරම්මල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ. නාරම්මල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ එම අංශයේම සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේයි මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ.

පසුගිය නොවැම්බර් මස 30 වනදා නාරම්මල – මීගමුව පාරේ පිහිටි ව්‍යාපාරික ආයතනයක් බිඳ එහි තිබූ දේපළ සොරකම් කර ඇති බවට වන පැමිණිල්ලක් නාරම්මල පොලීසියට ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදුනොකිරීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමටයි පොලිස් අධිකාරීවරයා මෙලෙස කටයුතු කර ඇත්තේ.