28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැලිකන්දේ ආපනශාලාවක ගින්නක්

වැලිකන්දේ ආපනශාලාවක ගින්නක්

වැලිකන්ද නගරයේ පිහිටි ආපනශාලාවක අද (06) අලුයම් කාලයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.

පොළොන්නරුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, යුද හමුදා නිලධාරීන් සහ වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වුණේ.

ගින්නෙන් ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වැලිකන්ද පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.