25 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට අවසර

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට අවසර

එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 18 දක්වා වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (කෝප්) අනුමැතිය ලබා දී ඇත.

කෝප් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ හා සුවසැරිය වැනි දෑ සඳහා ද වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර ඇති බවයි.

කෙසේ වෙතත් එම අත්‍යවශ්‍ය දෑ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තම කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අලුතෙන් වැට් එක දාලා තියෙනවා ක්ෂේත්‍ර බර ගාණකට. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි පෙන්වා දුන්නේ බදු අය කිරීමේදී සාධාරණත්වයක් තිබෙන්න ඕනේ කියලා. දැන් ඩීසල්වලටත් වැට් එක ගහනවා.”