මේ වනවිටත් ඖෂධ 156ක් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඒ අනුව ජනවාරි වනවිට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති විය හැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.
එමෙන්ම තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.