ලාල් කාන්ත
පාර්ලිමේන්තුවට දමන රටට අහිතකර පනත් පැරදවීමට මහජන අරගලයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල් කාන්ත මහතා දිනමිණට ඊයේ (8) පැවසීය.
එවැනි පනතක් පැරදීමට හැකි වන්නේ මහජන අරගලයකින් පමණක් බවත් හෙතෙම කීවේය.
යූඑන්පී, ශ්‍රී ලංකා, ජවිපෙ හෝ වෙනත් පක්ෂයක් ලෙසවත් සිංහල, ඉංග්‍රීසි, දමිළ භේදවලින්වත් මේ ගැටලුව දෙස නොබලා මේ ගැටලුව තේරුම් ගත යුතු බවත් 1953දී මෙන් හර්තාලයකට අවශ්‍ය වටපිටාව ආණ්ඩුව මේ වන විට සකසා ඇති බවත් හෙතෙම කීවේය.
පාලකයන් මේ රටේ ජාතික සම්පත් විකුණන වැඩපිළිවෙළක් හදාගෙන, පාලකයන්ම
හිතාමතාම රට මත ණය පටවන බවත් ඉන්පසු අපට ඩොලර් නැතැයි කියමින් ජනතාව රැවටන බවත් පැවසීය.
නදී මාණික්කගේ