― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක් පුද්ගලයෙකුගේ බදු වියදම තිස් දහසකින් ඉහළට

එක් පුද්ගලයෙකුගේ බදු වියදම තිස් දහසකින් ඉහළට

ආණ්ඩුව පැනවීමට බලාපොරොත්තු වන බදු හේතුවෙන් 2024 වසරේදී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව 2020 වසරට සාපේක්ෂව රටේ සෑම පුරවැසියෙකුම මේ වනවිට රුපියල් ලක්ෂයක් බදු ගෙවා ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.

ඒ අතර එකතු නොවුණු බදු මුදල් බිලියන 179ක් ඇති බවත් එම බදු වහාම පනතට අනුකූලව බැංකු ගිණුම්වලින් හෝ දේපළවලින් අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කමිටුව මගින් මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කළ යුතු බවයි එම කාරක සභාව පවසන්නේ.