― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවසන්ත යාපා බණ්ඩාරට සභාපති ධුරයක්

වසන්ත යාපා බණ්ඩාරට සභාපති ධුරයක්

කඳුකරය සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පත් කර තිබෙනවා.

එම සංසදයේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් සහ නිමල් පියතිස්සගේ යෝජනා සිථිරත්වයෙන් වසන්ත යාපබණ්ඩාර සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

අනතුරුව, ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් සහ නිමල් පියතිස්ස යන මහත්වරු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පත් වුණා.

කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අභිනව සභාපතිවරයා අවධාරණය කළ අතර සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.