26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණියේ පීඨ තුනක් අද සිට යළි ඇරෙයි

කැලණියේ පීඨ තුනක් අද සිට යළි ඇරෙයි

පසුගියදා තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අද (11) සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් හේතුවෙනුයි පසුගිය 04 වැනිදා වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ වසා දැමීමට පාලනාධිකාරය විසින් පියවර ගනු ලැබුවේ.

ඒ අනුව අද සිට අදියර කිහිපයක් යටතේ එහි අධ්‍යන කටයුතු ආරම්භ කරන බවයි කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පැවසුවේ.