― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋතුරේ ජල ගැටලුවට කඩිනමින් විසඳුම්

උතුරේ ජල ගැටලුවට කඩිනමින් විසඳුම්

අතර මග නැවතී ඇති ‘යාපනයට වැවක්’ ව්‍යාපෘතිය ලබන වසරේ නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද (11) පාර්ලිමේන්තුවේදි පැවසීය.

ඒ අනුව උතුරේ තිබෙන ජල ගැටලුවට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමට හැකි වනු ඇති බවයි ඇය පවසන්නේ.

එම ව්‍යාපෘතියේ මූලික අධ්‍යනයන් නෙදර්ලන්ත රජය යටතේ සිදු කර ඇති බවයි. ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර සිදු කර ඇති බවත් 2024 එම කටයුතු නැවත සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවද සඳහන් කළා.

මාත්‍යවරිය මේ බව පැවසුවේ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳව අද (11) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනුයි.