― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවස්කෝ ද ගාමා නෞකාව ත්‍රිකුණාමල වරායට

වස්කෝ ද ගාමා නෞකාව ත්‍රිකුණාමල වරායට

යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරන වස්කෝද ගාමා නමැති මගී නෞකාව ඊයේ (12) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

මගීන් 1200 රැගෙන යා හැකි මේ නෞකාවෙන් මගීන් 400 පැමිණි බවත් එම පිරිස ත්‍රිකුණාමලයේ එක් දින සංචාරක නිරත වන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල වරාය නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් පැවසීය.

පෘතුගාල ධජය යටතේ සංචාරය කරන මේ නෞකාව ත්‍රිකුණාමල සංචාරය නිමවා අනතුරුව සිංගප්පූරුව බලා යෑමට නියමිතය.