― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබඹරු දෂ්ඨ කිරීමෙන් 14ක් රෝහලේ

බඹරු දෂ්ඨ කිරීමෙන් 14ක් රෝහලේ

මාතලේ – හුලංගමුව ප්‍රදේශයේදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ රෝහල්ගත කළ පුද්ගලයින් අවුරුදු 30ත් 61ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් බවයි.

මියගිය පුද්ගලයෙකුගේ භූමදාන කටයුත්තක් සඳහා ගම්වාසීන් එක්ව සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එහි රැඳී සිටි පුද්ගලයන් හට බඹරුන් දෂ්ඨ කර තිබෙනවා.

පසුව සියලුදෙනාව රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.