27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ට සහ ගම්මන්පිලට ඇමති ආරක්ෂාව තවදුරටත්

විමල්ට සහ ගම්මන්පිලට ඇමති ආරක්ෂාව තවදුරටත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණක් වන අතර පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණනද අඩු කිරීමට නියමිතව තිබුණි.

කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබූ බව මීට පෙර වාර්තා විය.

මේ අතර නාරම්මල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයට ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11 ක සහභාගිත්වයෙන් පසුගියදා පැවති සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම් අසංක නවරත්න සහ ප්‍රේම්නාත් සී දොලවත්ත සහභාගීවී තිබේ.