31.1 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින දෙකකින් ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි

දින දෙකකින් ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි

ඉදිරි දින දෙකක කාලය තුළදී ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

දිවයිනට පැමිණ ඇති ඉන්ධන නෞකා දෙකෙන් ඉන්ධන ගොඩබෑම අද (06) සිදුකෙරෙන බව එහි සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේය.

හෙට සහ අනිද්දා දෙදින තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ළඟාවීමට නියමිතය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන බෙදා හැරීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රිය වී තිබෙන කැළණිතිස්ස තාප බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග අද දිනයේ ලබාදීමට නියමිතය.