විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට (වැට්) කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඊයේ (13) අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ඊයේ සිට 2023 අංක 32 දරණ එකතු කළ අගය මත බදු සංශෝධන පනත, 2023 අංක 33 දරණ මුදල් පනත සහ 2023 අංක 34 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වනු ඇති.